ග්රෑන්ඩ්පාස්, වදුල්ලවත්ත ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරකෑමට ලක්වූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 50ක් වූ කොලොන්නාව ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරු එම ප්රදේශයේම පදිංචි පුද්ගලයෙකු සමඟ තිබූ ආරවුලක් දුරදිගයාම හේතුවෙන් එම පුද්ගලයා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.