වව්නියාව දෙස සිට යාපනය දෙසට ධාවනය වූ ටිපර් රථයක් ඉදිරියෙන් එම දිශාවට ධාවනය වූ යතුරු පැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් ටිපර් රථ රියදුරු, යතුරු පැදිකරු, පසු පැදිකාරිය සහ යතුරු පැදියේ සිටි ඔවුන්ගේ දැරියන් දෙදෙනා බරපතල තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කිරීමේදී එක් දැරියක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය දැරිය වයස අවුරුදු 02ක් වූ කිලිනොච්චිය ප්රදේශයේ පදිංචිකාරියක්.