අසර්බයිජානයේ බාකු අගනුවර සිට රුසියාව බලා පියාසර කරමින් තිබිය දී කසකස්ථානයට කඩා වැටුණු අසර්බයිජාන ගුවන් සේවයට අයත් යානයේ කලු පෙට්ටිය සොයාගෙන තිබෙනවා.
ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බවයි වාර්තා වන්නේ.
මෙම අනතුරින් පුද්ගලයන් 38 දෙනෙකු මියගොස් ඇති අතර 29 දෙනෙකු දිවි ගලවාගෙන තිබෙනවා.