මුහුදේ දිය නෑමට ගිය රුසියානු ජාතිකයෙක් මරුට

Share

හික්කඩුව මුහුදේ දිය නාමින් සිටි විදේශීය ජාතික පුද්ගලයෙකු දිය වැලකට හසු වී මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 33ක් වූ රුසියානු ජාතිකයෙක්.

මරණකරු තම මිතුරන් සමඟ මුහුදේ දිය නාමින් සිට ඇති අතර මිතුරන් සියළු දෙනා උදෑසන ආහාරය සඳහා හෝටලයට පැමිණ ඇති අතර මරණකරු පමණක් තනිව මුහුදේ දිය නාමින් සිටිය දී මෙලෙස අනතුරට ලක්ව ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News