විදුලි සැර වැදී තරුණයන් තිදෙනෙකු මරුට

Share

නොරච්චෝලය, මාම්පුරිය ප්‍රදේශයේ දී, විදුලි සැර වැදීමක් හේතුවෙන් පුද්ගලයන් සිවු දෙනෙකු පුත්තලම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

මරණකරුවන් අවුරුදු 16, 22 හා 29 වයස්වල පසුවන පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

මාම්පුරිය ප්‍රදේශයේ පිහිටි අලුතින් ඉදි කරමින් පවතින උත්සව ශාලා ගොඩනැගිල්ලක සේවකයන් පිරිසක් යකඩ පලංචියක් මත ඉදිකිරීම් කටයුතු කරමින් සිටිය දී විදුලිය ලබා ගන්නා ලද විදුලි රැහැනකින් යකඩ පලංචියට විදුලිය කාන්දුවීමෙන් මෙම විදුලි සැර වැදී ඇති බවට පොලිසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News