දකුණු කොරියාව තුළ දින 7ක ශෝක කාලයක්

Share

දකුණු කොරියාවේ ජේජු ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් ඊයේ (29) අනතුරට ලක්වුණා.

ඉන් පුද්ගලයන් 179 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ 181 දෙනෙකු ගුවන් යානයේ සිට ඇති අතර 179 දෙනෙකුම එලෙස ජිවිතක්ෂයට පත්වුණා.

අයහපත් කාලගුණය සහ කුරුල්ලකු එන්ජිමක් තුළ සිරවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි සැකපළ කරන්නේ.

කෙසේ වෙතත් මෙම අනතුර හේතුවෙන් දකුණු කොරියාව තුළ දින 7ක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එමෙන් ම සියලු ගුවන් සේවා මෙහෙයුම්වල ආරක්ෂාවන් සිදුකරන ලෙසද වැඩබලන ජනාධිපතිවරයා නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News