හංගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු විදුලි සැර වැදීමෙන් මිය ගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 61ක් වූ හංගමුව, රත්නපුරය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සතුන්ගෙන් ආරක්ෂා කරගැනීමට කුඹුරකට යොදන ලද අනවසර විදුලි රැහැනක මරණකරු ගැටී විදුලි සැර වැදීමෙන් මෙම අනතුරට ලක්ව ඇති බවට සිදුකරන ලද විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.