පොලිසිය හා ප්‍රදේශවාසින් එක්ව අතුරුදහන්වී ඇති පුද්ගලයා සොයා ප්‍රදේශයේ සිදුකළ සෝදිසියක දී රණාවත්ත වෙල් යායක තිබී අතුරුදහන් වූ පුද්ගලයාගේ මළ සිරුර හමුවී ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 22ක් වූ රණාවත්ත, නාරම්මල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරු අනවසර විදුලි රැහැනක ගැටී විදුලි සැර වැදීමෙන් මියගොස් ඇති බවට සිදුකරන ලද විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.