පන්සියගම, 07 කණුව ප්‍රදේශයේ නිවසක් තුල කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
මරණකාරිය වයස අවුරුදු 23ක් වූ 07 කණුව, පන්සියගම ප්‍රදේශයේ පදිංචිකාරියක්.
මරණකාරිය තම ස්වාමි පුරුෂයා සමඟ ඇති වූ ආරවුලක් හේතුවෙන් මාස කිහිපයකට පෙර තම මවගේ නිවසට පැමිණ එම නිවසේ පදිංචිව සිටිය දී මෙසේ ඝාතනයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
මරණකාරියගේ පුරුෂයා විසින් මෙම අපරාධය සිදුකර ඇති බවට පොලිසිය සැක කරනු ලබනවා.