පොල්ගඹ්විට දෙස සිට මත්තේගොඩ දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරලි ගොස් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු වෑතර රෝහලට ඇතුලත් කිරීමේ දී පැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 18ක් වූ සියඹලාගොඩ,පොල්ගඕවිට ප්රදේශයේ පදිංචිකරුවෙක්.