මාරක බස් අනතුරකින් 4ක් මරුට

Share

අද (10) අළුයම් කාලයේ දොරටියාව, දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේ දී කදුරුවෙල සිට කොළඹ දක්වා ධාවනය වූ මගී ප්‍රවාහන පුද්ගලික බස් රථයක්, මගීන් එම බස් රථයට නංවා ගැනීම සඳහා නවතා තිබිය දී එම දිශාවටම ධාවනය වූ තවත් පුද්ගලික බස් රථයක් නවතා තිබූ බස් රථයේ පිටුපස ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තවාල ලැබූ පුද්ගලයන් 20 කට වැඩි පිරිසක් ප්‍රථිකාර සඳහා කුරුණෑගල රෝහල වෙත යොමු කිරීමේ දී පිරිමි පුද්ගලයන් තිදෙනෙකු සහ කාන්තාවක් මියගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

නවතා තිබූ බස් රථයට පිටුපසින් පැමිණි බස් රථය අධික වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයෙන් අනාවරණය වී තිබෙනවා.

Read more

Local News