දෝෂාභියෝගයට කලින් ගෙදර ගිය ජනපති

Share

රුමේනියා ජනපති ක්ලව්ස් යොහානිස් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහු හෙට දිනයේ නිල වශයෙන් ඔහුගේ කාර්යාලයෙන් පිටත්වීමට නියමිතයි.

2014 වසරේ සිට රුමේනියා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ඔහු පසුගිය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට තිබු ජනාධිපතිවරණය කල් දමා තිබෙනවා.

ව්‍යවස්ථාවට පටහැනිව යමින් එළඹෙන මැයි මාසයේ දී ජනාධිපතිවරණය පැවැත්වීමටයි ඔහු සැලසුම් කර තිබෙන්නේ.

එහෙත් රුමේනියා විපක්ෂය අද දිනයේ ඔහුට විරුද්දව දෝෂාභියෝගයක් ගෙන ඒමටයි සැලසුම් කර තිබුණේ.

ඊට පෙර ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කර තිබුණා.

Read more

Local News