ගල්කිස්ස වෙරළ තීරයේ දිය නෑමට ගිය දරුවෙකු දියේ ගසාගෙන ගොස් අතුරුදන් වී තිබෙනවා.
අතුරුදන්ව ඇති දරුවා වයස අවුරුදු 16ක් වන ගංගොඩවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මිතුරන් පිරිසක් සමඟ ගල්කිස්ස වෙරළ තීරයේ දිය නෑමට ගොස් සිටිය දී මෙලෙස මුහුදේ ගසාගෙන ගොස් ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.
පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සහ ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් එක්ව අතුරුදහන්වූ ළමයා සෙවීමේ කටයතුවල නිරතව සිටී.