LPL ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 27 වනදා සිට දෙසැම්බර් 23 දක්වා

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද නිවේදනය කළේ, 2025 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 27 සිට දෙසැම්බර් 23 දක්වා පැවැත්වෙන බවයි. මෙය LPL තරගාවලියේ 6 වැනි අදියර වන අතර, තරග කොළඹ, පල්ලෙකැලේ සහ දඹුල්ල යන ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය, 2026 විස්සයි20 ලෝක කුසලානයට පෙරහුරුවක් ලෙස සංවිධානය කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Read more

Local News