ඊයේ (05) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලාංකීය ගායක-ගායිකා සංගමය අතර හමුවක් පැවැත්වුණා.
එහිදී, ගීතයක පරම සහ නෛතික අයිතිවාසිකම පද රචකයාට, තනු නිර්මාපකයාට මෙන්ම ගායක ගායිකාවන්ටද හිමිවන ලෙස නීතිය සංශෝධනය කරන ලෙස සංගමය විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.
වත්මන් බුද්ධිමය දේපළ පනත යටතේ ගීතයක ප්‍රධාන අයිතිය හිමිවන්නේ පද රචකයාට හා තනු නිර්මාපකයාට පමණක් වන නිසා බොහෝ ජනප්‍රිය ගායක-ගායිකාවන් ගැටලු රැසකට මුහුණ දී සිටින බව මෙහිදී අවධාරණය වූයේ. මෙම තත්ත්වය නිසා තමන් ගායනා කරන ගීතයක් තම සමාජ මාධ්‍ය ගිණුම්වල පළ කිරීමට පවා ඔවුන්ට නොහැකි වී ඇති බවද තවදුරටත් පෙන්වා දී තිබෙනවා.