ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට එරෙහිව එන්තරවාසි යැවීමට කතෝලික සභාව තීරණය කර ඇති බව, එහි මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පවසයි.
ඒ මහතා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ, පාස්කු ප්‍රහාරය සිදු වූ දින අගරදගුරු හිමිපාණන් දේව මෙහෙයට සහභාගී නොවූ බවට විමල් වීරවංශ මහතා සිදු කළ ප්‍රකාශය පදනම් කරගෙන මෙම එන්තරවාසි යවන බවයි.