පාර්ලිමේන්තුව රැස්වෙයි

Share

අද (07) දිනයේදී පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුවට අනුව, අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තු රැස්වීම් ආරම්භ වීමට නියමිතයි.

අද දවසේ පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇති කාලසටහන මෙසේය.
පෙරවරු 9.30 – 10.00 – ස්ථාවර නියෝග 22 හි 01 සිට 06 දක්වා පාර්ලිමේන්තු කටයුතු.
පෙරවරු 10.00 – 11.00 – වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න.
පෙරවරු 11.00 – 11.30 – ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න.

මීට අමතරව, විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම විවාදයකින් තොරව සම්මත කිරීමට නියමිත අතර, පස්වරු 12.00 සිට පස්වරු 5.00 දක්වා රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.

Read more

Local News