පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජනවාරි 29 වන දිනට යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
මෙම නඩුවට අදාළව නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දී තිබෙනවා. ඒ අනුව මහේස්ත්‍රාත්වරිය විසින් නීතිපති උපදෙස් කඩිනමින් ලබාගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙසටත් නියෝග කරනු ලැබුවා.
යහපාලන රජය සමයේදී මෙම නඩුව ඉදිරිපත් කරනු ලැබුවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15 ක මුදලක් එන්. ආර් කන්සල්ටන්සි නමැති සමාගමක ආයෝජනය කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට මෙම චෝදනාව එල්ල වී තිබෙනවා.