ගුවන්තොටුපොළේදී ඉන්දීය ජාතිකයින් තිදෙනෙක් කුෂ් සමඟ අත්අඩංගුවට

Share

කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 12යි ග්‍රෑම් 160ක් සමඟ සැකකරුවෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අද (07) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අවුරුදු 42, 22 සහ 43 වයස්වල පසුවන ඉන්දීය ජාතිකයින් බවට හඳුනාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සිදුකරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Read more

Local News