අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම, ලබන සැප්තැම්බර් 01 වැනි දින සලකා බැලීමට කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබෙනවා.
මෙම පෙත්සම අද (07) දින කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංගවංශ ඉදිරියේදී කැඳවනු ලැබූ අවස්ථාවේදී, නඩුකරයට අදාළ නොතීසි තම කොමිසමට ලැබී නොමැති බව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂිකා සුළෝචනා හෙට්ටිආරච්චි අධිකරණයට දැනුම් දී තිබෙනවා.
මීට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් රාජිත සේනාරත්නගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට දුන් තීන්දුව සංශෝධනය කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.