හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
මෙය ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට පත් වූ පළමු අවස්ථාව ලෙස සැලකෙනවා.
පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ මුදල් භාවිත කිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීමට අද උදෑසන ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදීයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
වාර්තා වන පරිදි, මෙම සංචාරය 2023 සැප්තැම්බර් 22 සහ 23 දිනවල සිදුව ඇති අතර, හිටපු ජනාධිපතිවරයා සමඟ තවත් දස දෙනෙක් ඒ සඳහා එක්ව සිටියා.
මෙම විමර්ශනයට අදාළව මීට පෙර හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ හිටපු ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන්ගෙනුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.