දිස්ත‍්‍රික් කිහිපයක් සඳහා නිකුත් කළ අනතුරු ඇඟවීමේ රතු නිවේදනය ඉදිරි පැය 24ත් වලංගුයි

Share

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් රත්නපුර, කලූතර, කෑගල්ල, නුවරඑළිය යන දිස්ත‍්‍රික් සඳහා නිකුත් කරන ලද අනතුරු ඇඟවීමේ රතු නිවේදනය ඉදිරි පැය 24 ට ද වලංගු බව එම සංවිධානය පවසයි.

එම දිස්ත‍්‍රික්කවල නායයෑම් සහ පස් කඳු කඩා වැටීම් වලින් සිදුවිය හැකි අනතුරු පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත්, විශේෂයෙන් නායයෑම් ලකුණු දුටු අවස්ථාවක හැකි ඉක්මනින් එයින් ඉවත්වන ලෙස ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එහි පදිංචිකරුවන්ට අනතුරු අඟවයි.

Read more

Local News