සර්වඥ ධාතු නමස්කාරය අද සිට ඇරඹේ

Share

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ දෙව්නි මෝරි පුරාවිද්‍යාත්මක ස්ථානයෙන් සොයාගෙන, එරටින් බැහැරව ප්‍රථම වරට ප්‍රදර්ශනය කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට අද (05) සිට ලබන 11 වනදා පෙරවරුව දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී සැදැහැවතුන්ට අවස්ථාව හිමිව තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙරටට වැඩම කරවූ මෙම ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් රඹුක්කන, අවිස්සාවේල්ල සහ අලුත්ගම සිට විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වන අතර, ප්‍රදේශය අවට විශේෂ ආරක්ෂක සහ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Read more

Local News