ඓතිහාසික දෙව්නිමෝරි පුදබිමෙන් මෙරටට වැඩම කරවූ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී වන්දනාමාන කිරීමට සැදැහැවතුන්ට ඇති අවස්ථාව හෙට (11) පෙරවරු 6.00න් අවසන් වන අතර, ඒ සඳහා පෝලිම්වලට එක්විය හැකි අවසන් වේලාව අද (10) රාත්‍රී 10.00 ලෙස ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නායක ස්වාමීන් වහන්සේ නිවේදනය කර ඇත.
ඉන්දියාවෙන් පිටතට ප්‍රථම වරට වැඩම කරවූ මෙම උතුම් ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට පසුගිය 5 වැනිදා සිට විශාල ජනකායක් මෙන්ම මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයින් ද එක්වූ අතර, එම ධාතූන් වහන්සේ නැවත ඉන්දියාවට වැඩම කරවීම සඳහා එරට මධ්‍ය ප්‍රදේශ් ආණ්ඩුකාරවරයා සහ අරුණචාල් ප්‍රදේශ් නියෝජ්‍ය මහ ඇමතිවරයා ඇතුළු පිරිසක් මේ වන විටත් මෙරටට පැමිණ සිටින බවටයි වාර්තා වන්නේ.



