තායිලන්තයේ සිට ඉන්දියාව හරහා මෙරටට පැමිණි 37 හැවිරිදි කොළඹ පදිංචි ව්‍යාපාරිකයෙකු, නීතිවිරෝධී ලෙස රැගෙන ආ සත්ව හම් තොගයක් සමඟ ඊයේ (11) කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වනවා. මුදල් පසුම්බි සැකසීමට යොදාගන්නා වර්ණ ගැන්වූ කිඹුල්, පිඹුරු සහ වෙනත් උරග හම් කොටස් 19ක් තම ගමන් මලුවල සඟවාගෙන රෙදිපිළි ලෙස පවසමින් “රක්ත මාවත” (Red Channel) ඔස්සේ රැගෙන යාමට තැත් කිරීමේදීයි රේගු නිලධාරීන් විසින් මොහු හසුකරගෙන ඇත්තේ.
වනජීවී සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත ඇතුළු රෙගුලාසි උල්ලංඝනය කරමින් සිදුකළ මෙම ජාවාරම සම්බන්ධයෙන් කටුනායක රේගුව සහ ජෛව විවිධත්ව සුරැකීමේ අංශය වැඩිදුර විමර්ශන පවත්වන බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.



