ජෝන්ස්ටන්ගේ නඩුවේ සාක්ෂිකරුවෙකුට වරෙන්තු

Share

හිටපු වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පවතින “සතොස” දූෂණ නඩුවේ සාක්ෂි දීමට පෙනී නොසිටි 12 වන සාක්ෂිකරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (06) වරෙන්තු නිකුත් කර තිබෙනවා. සතොස සේවකයින් දේශපාලන කටයුතුවල යෙදවීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගොනුකර ඇති මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, අසනීප බව පැවසුවද වෛද්‍ය වාර්තා ඉදිරිපත් නොකිරීම හේතුවෙන් 12 වන සාක්ෂිකරුට එරෙහිව මෙසේ වරෙන්තු නිකුත් කර ඇති අතර, ශල්‍යකර්මයකට භාජනය වී ඇති බවට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ 19 වන සාක්ෂිකරුට පමණක් වරෙන්තු නිකුත් නොකිරීමට විනිසුරුවරයා කටයුතු කර තිබෙනවා. ඒ අනුව, වැඩිදුර සාක්ෂි විමසීම සඳහා නඩුව මැයි මස 12 වනදා දක්වා කල් තැබීමට මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News