පාඨලීගේ නඩුවේ සාක්ෂි විභාගය ඇරඹේ (VIDEO)

Share

අපරීක්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදු කර සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටුපමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය ඊයේ ආරම්භ වුණා. එහිදී පළමු සාක්ෂිකරු කියා සිටියේ අනතුර සිදුවන මොහොතේ රිය ධාවනය කළේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක බවට හදුනාගත් බවයි. එහිදී හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මූලික විරෝධතා මතු කළා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News