2022 වසරේ මැයි මස 09 වනදා අරගලයට පහරදීමෙන් පසුව දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ සිද්ධීන් වලින් සිය නිවාස ගිනි තැබීම හේතුවෙන් සිදුවූ හානිය වෙනුවෙන් නීතියට පටහැනි ලෙස වන්දි ලබාගත් හිටපු මැති ඇමතිවරුන්ගෙන් එම වන්දි මුදල් යළි අය කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමේ වග උත්තරකරුවකු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යලි නොතීසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද පෙත්සම්කාර පාර්ශ්වයට නියම කර තිබෙනවා.
අදාල වන්දි ගෙවීම් නීති විරෝධී බවට ප්‍රකාශ කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදීයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.



