ඇඹිලිපිටිය, කොඩිකන්ද ප්රදේශයේදී පුද්ගලයන් තිදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන්, යකඩ පොල්ලකින් සිදුකළ පහරදීමකින් 52 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය වී තිබෙන බවට වාර්තා වනවා. මොට ආයුධයකින් සිදුකළ මෙම ප්රහාරයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඇඹිලිපිටිය පොලිසිය මේ වන විට වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව වැඩිදුරටත් සඳහන්.



