පොලිස් විශේෂ කාර්ය බලකායේ ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් විසින් අත්තිඩිය, කහවිට ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 76යි මිලිග්‍රෑම් 100ක් සමඟ 29 හැවිරිදි දෙහිවල පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වනවා. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබන බවටයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
Share
Read more



