සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ‘ගණේමුල්ල සංජීව’ 2025 පෙබරවාරි 19 වන දින අධිකරණ ශාලාවක් තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවෙකු ඊයේ (13) රාත්‍රියේ ගම්පහ ප්‍රදේශයේදී කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදේශගත අපරාධකරුවන් සමඟ එක්ව මෙම ඝාතන සැලසුම දියත් කර ඇති මොහු, අපරාධය සඳහා අවශ්‍ය ගිනි අවි සැපයීම සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී විදේශීය නිෂ්පාදිත රීපීටර් වර්ගයේ ගිනි අවියක් සහ ජීව පතරොම් ද සොයාගෙන ඇති බවටයි වාර්තා වන්නේ. දැනට රැඳවුම් නියෝග මත පසුවන සැකකරුවන්ගෙන් හෙළි වූ තොරතුරු මත සිදුකළ මෙම අත්අඩංගුවට ගැනීම හරහා ඝාතන කුමන්ත්‍රණයේ තීරණාත්මක තොරතුරු රැසක් අනාවරණය වී ඇති බවත් සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකරු 69 හැවිරිදි වියේ පසුවන ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් මෙම ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබන බවටයි වාර්තා වන්නේ.



