අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට

Share

නිවෙස් බිඳ දේපළ සහ රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධීන් 10කට අධික සංඛ්‍යාවකට සම්බන්ධ, අවුරුදු 20 සහ 25 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (13) කිලිනොච්චිය නගරයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිලිනොච්චිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සහ පොලිස් නිලධාරීන් එක්ව සිදුකළ මෙම මෙහෙයුමේදී, සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 75ක් පමණ වටිනා සොරාගත් දේපල සොයාගෙන ඇති අතර, ඔවුන් විසින් බැංකු සහ උකස් මධ්‍යස්ථාන වෙත උකස් කරන ලද ලක්ෂ 49ක් වටිනා රන් භාණ්ඩ නඩු භාණ්ඩ ලෙස ලබා ගැනීමට අධිකරණ නියෝග ලබා ගැනීමට නියමිත බවත් සඳහන්. මෙම සංවිධානාත්මක සොරකම් සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබන බවටයි වාර්තා වන්නේ.

Read more

Local News