රුසියානු ජනපතිගේ චීන නිල සංචාරය වෙනුවෙන් චීන ජනපතිගෙන් පිළිගැනීමක්
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා ඊයේ (19) රාත්‍රී චීනයේ බෙයිජිං අගනුවරට ළඟා විය. චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ආරාධනයකට අනුව, හෙතෙම 19 සිට හෙට 20 දක්වා චීන නිල සංචාරයේ නිරත වනු ඇත.
පූර්ණ උපායමාර්ගික සහයෝගිතා හරහා චීන-රුසියානු සංවර්ධනයට හා පුනරුදයට සහාය විය යුතු බව චීන ජනපති කියයි
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, චීනයේ නිල සංචාරයකට එක්ව සිටින රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා සමග සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් යුත් සාකච්ඡාවක් පවත්වයි. ඒ අද (20) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදීය.
මෙම වසර, චීන-රුසියානු උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරීත්වයේ 30 වන සංවත්සරය හා ‘චීන-රුසියානු සුහද අසල්වැසි බව සහ මිත්‍රශීලී සහයෝගිතා ගිවිසුම’ට අත්සන් තැබීමේ 25 වන සංවත්සරය සනිටුහන් කරන බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. ශක්තිමත්භාවය හා ධෛර්වන්තභාවයෙන් යුතුව දෙරට වත්මන් ඉහළ මට්ටමේ සබඳතා දක්වා වර්ධනය කර ඇත.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂ කවුන්සිලයේ නිත්‍ය සාමාජික රටවල් දෙක සහ ලෝකයේ බලවත් රටවල් දෙක ලෙසට, දිගුකාලීන උපායමාර්ගික දෘෂ්ටියෙන්, පූර්ණ උපායමාර්ගික සහයෝගිතා හරහා දෙරටේ සංවර්ධනය හා පුනරුදයට සහාය වෙමින් වඩාත් සාධාරණ ගෝලීය පාලන පද්ධතියක් ගොඩනැංවීම තහවුරු කළ යුතු බව ද ෂී ජින්පිං මහතා එහිදී සඳහන් කළේය.
එහිදී රාජ්‍ය නායක දෙපළ ‘චීන-රුසියානු සුහද අසල්වැසි බව සහ මිත්‍රශීලී සහයෝගිතා ගිවිසුම’දීර්ඝ කිරීමටත් එකඟතාවන් පළ කළහ.
එම ගිවිසුම දීර්ඝ කිරීමට අනුබලයක් ලබා දෙන චීනය, රුසියාව සමග එක්ව, ගිවිසුමේ ජීව ගුණය අනුගමනය කරමින් දෙරටේ සර්ව කාලීන හා පූර්ණ උපායමාර්ගික සහයෝගිතා තවදුරටත් ඉදිරියට ගෙන යාමට සූදානම් බව ද ෂී ජින්පිං මහා සඳහන් කළේය.



