2026.06.02 දින සවස කනගරායන්කුලම් පොලිස් වසමේ කුරුසුට්ටුකුලම් ප්රදේශයේදී පුද්ගලයෙකු ට්රැක්ටර් රථයකට යටවී පුලියන්කුලම රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවට කනගරායන්කුලම් පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා. මරණකරු අවුරුදු 20 ක් වූ කුරුසුට්ටුකුලම් ප්රදේශයේ පදිංචිකරුවෙක්. මරණකරු විසින් කුරුසුට්ටුකුලම් කෝවිල පිහිටි ඉඩම පිරිසිදු කිරීම සඳහා ට්රැක්ටර් රථය පණගැන්වීමේදී එහි කාර්මික දෝෂයක් හටගෙන ඇති අතර, ඔහු විසින් ට්රැක්ටර් රථය අළුත්වැඩියා කරමින් සිටියදී එක්වරම ඉදිරියට ධාවනය වී මරණකරු එම රථයේ රෝදයකට යටවී මෙම අනතුර සිදුව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කනගරායන්කුලම් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බවටයි තොරතුරු වාර්තා වන්නේ.



