තුන්වන ලෝක සිනොලොජිස්ට්වරුන්ගේ සමුළුව චීනයේදී ඇරඹේ

Share

චීන ශිෂ්ටාචාරය, භාෂාව සහ සංස්කෘතිය පිළිබඳ අධ්‍යයනය කරන විද්වතුන් සහභාගී වන ප්‍රධානතම ජාත්‍යන්තර සමුළුව වන ලෝක සිනොලොජිස්ට්වරුන්ගේ තුන්වන සමුළුව චීනයේ Dunhuang හිදී ආරම්භ විය. 
“යුගයේ අභියෝගවලට ඒකාබද්ධව මුහුණ දීම සඳහා ශිෂ්ටාචාරවල ප්‍රඥාව එක්රැස් කිරීම” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුව සඳහා රටවල් 70කට අධික සංඛ්‍යාවකින් නියෝජිතයින් 300කට වැඩි පිරිසක් සහභාගී වී සිටිනවා.
මෙම සමුළුවේදී චීන නවීකරණයේ ගෝලීය වැදගත්කම, චීන ශිෂ්ටාචාරය තුළ මුල් බැස ගත් සාමයට ලැදි හර පද්ධතිය, චීන සංස්කෘතිය පිළිබඳ දැනුමේ ඓතිහාසික පරිණාමය, අන්තර් සංස්කෘතික හුවමාරු මෙන්ම සාම්ප්‍රදායික චීන දාර්ශනික චින්තනයේ සමකාලීන අදාළත්වය වැනි මාතෘකා ඇතුළත් උප සංසද හතරක් ද පැවැත්වෙනු ඇත. 
මෙහිදී සත්කාරක නගරය ලෙස Dunhuang තෝරා ගැනීම සුවිශේෂ වනවද්.  එනම් මෙම නගරය වසර 2,000කට පෙර පුරාණ සේද මාවතේ වැදගත් සංධිස්ථානයක් වූ අතර ද්වි-මාර්ග භාණ්ඩ හුවමාරුව සඳහා ඓතිහාසික කාර්යභාරයක් ඉටු කර තිබීමයි.

Read more

Local News