ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS AIRAVAT’ දිවයිනට

Share

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS AIRAVAT” නෞකාව මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 2026 ජුනි මස 01 වන දින දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී සිදුකෙරුණා. මෙලෙස දිවයිනට පැමිණි Landing Ship Tank වගර්යට අයත් ‘INS AIRAVAT’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාන්ඩර් IP Patil කටයුතු කරනු ලබනවා.

මෙලෙස කොළඹ වරායට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS AIRAVAT” නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල එම නෞකාවේ කායර් මණ්ඩලය, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා සහභාගී වීමටත්, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටත් නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Read more

Local News