උතුරු කොරියාවේ රාජ්‍ය සංචාරයක් සඳහා චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහා ලේකම්, ජනාධිපති ෂී ජින්පිං අද(8) පෙරවරුවේ විශේෂ ගුවන් යානයකින් බෙයිජිං නගරයෙන් පිටත් විය. උතුරු කොරියානු කම්කරු පක්ෂ මහා ලේකම්, එරට රාජ්‍ය කටයුතු කොමිසමේ සභාපති කිම් ජොන්-උන්ගේ ඇරයුමට අනුව ඔහු මෙම සංචාරයට එක්විය.
ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ ආර්යාව වන Peng Liyuan, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජික, මධ්‍යම කාර්යාල අධ්යක්ෂ Cai Qi සහ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, විදේශ අමාත්‍ය වං යී ඇතුළු පිරිස මෙම සංචාරයට එක් වනවා.




