චීන උප වාණිජ ඇමති සහ ජාත්‍යන්තර වෙළඳ සාකච්ඡා පිළිබඳ නියෝජ්‍ය නියෝජිත Ling Ji මහතා ඊයේ (10) යුරෝපා සංගම් මූලස්ථානයේදී යුරෝපා කොමිසමේ වෙළඳ හා ආර්ථික ආරක්ෂාව පිළිබඳ අධ්යක්ෂ ජනරාල් Ditte Juul Jorgensen මහත්මිය සමග සාකච්ඡා පැවැත්වීය.
චීන-යුරෝපා සංගම් වෙළඳ හා ආයෝජන උපදේශන යාන්ත්‍රණය සඳහා වන සූදානම් කිරීමේ කටයුතු පිළිබඳව දෙපාර්ශ්වයම එහිදී ගැඹුරු හා පුළුල් සාකච්ඡා පැවැත්වූහ. චීන-යුරෝපා සංගම් වෙළඳ හා ආයෝජන උපදේශන යාන්ත්‍රණයේ පළමු රැස්වීමේදී ප්‍රායෝගික ප්‍රතිඵල අත්කර ගැනීම,ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළඳ සබඳතා ස්ථාවර කිරීම සහ ඒවායේ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය සඳහා කටයුතු කිරීමට ද දෙපාර්ශ්වයම එකඟත්වය පළ කර තිබේ.
චීන-යුරෝපා සංගම් වෙළඳ හා ආයෝජන උපදේශන යාන්ත්‍රණය හරහා ද්විපාර්ශ්වික සබඳතා තර කිරීමට අවධානය
Share
Read more



