අමෙරිකාව ඉරානය වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබූ හමුදා ප්‍රහාර අවලංගු කිරීමත් සමඟ, ඊයේ (11) දිනයේ ඩොලර් 90 සීමාව ඉක්මවා ගොස් තිබූ ගෝලීය බොරතෙල් මිල අද (12) දිනයේ යළිත් එම සීමාවෙන් පහළට පැමිණ තිබෙනවා. ඊයේ දිනයේදී දෙරට අතර ඇතිවූ නොසන්සුන්කාරී වාතාවරණය සහ ඉරානය විසින් ‘හෝමුස් සමුද්‍ර සන්ධිය‘ වසා දැමීමට පියවර ගැනීම හේතුවෙන් බ්‍රෙන්ට් සහ WTI බොරතෙල් මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගියද, අමෙරිකාවේ පසුබැසීමත් සමඟ ඇති වූ භූදේශපාලනික ලිහිල්භාවය නිසා අද උදෑසන වනවිට බ්‍රෙන්ට් (ඩොලර් 89.33), මර්බන් (ඩොලර් 87.25) සහ WTI (ඩොලර් 86.74) යන සියලුම බොරතෙල් බැරලයක මිල ගණන් කෙටි කලක් ඇතුළත මෙලෙස නැවතත් පහළ ගොස් ඇති බවටයි වැඩිදුරටත් සඳහන් වන්නේ.



