තමා අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට සූදානම් බව රුසියා ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් ප්‍රකාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එවැනි හමුවක් සඳහා සුදුසුම ස්ථානය ලෙස තමා දකින්නේ ඔස්ට්‍රියාවේ වියනා නුවර බව රුසියා ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
ඒ සඳහා පූර්ණ අනුග්‍රහය දැක්වීමට ඔස්ට්‍රියාව සූදානමින් සිටින බවද ඔහු පවසා තිබේ.