න්‍යෂ්ටික අවි ලබා ගැනීම සඳහා ඉරානයට ඉඩ නොදෙන බවත්, විදේශීය මිලදී ගැනීම් මත යැපීම අවම කිරීම සඳහා දේශීය අවි නිෂ්පාදනය පුළුල් කරන බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි.
ගිවිසුමක් ඇතිව හෝ නොමැතිව, ඉරානයට න්‍යෂ්ටික අවි ලබා ගැනීමට ඉඩ නොදීමේ ඊශ්‍රායල ප්‍රතිපත්තිය පැහැදිලි බව හෙතම පැවසීය.
ඉදිරි දශකය තුළ ඊශ්‍රායලයේ ආරක්ෂක අයවැය සඳහා ඇ.ඩො. බිලියන 116ක පමණ මුදලක් එකතු කිරීම සඳහා වන සැලසුම් සම්බන්ධයෙන් ද නෙතන්යාහු මෙහිදී නිවේදනය කළේය.
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මේ අදහස් කළ කළේ, ඇමරිකාවත් ඉරානයත් අතර යළිත් යුද ගැටුම් ඇරඹී ඇති පසුබිමක සහ ටෙහෙරානය සමඟ ඇති කරගත් ගිවිසුම අවසන් බවට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයත් සමඟයි.
Share
Read more



