මෙම සතියේ ඇමරිකාව ඉරානයට එරෙහිව යළි ප්‍රහාර එල්ල කළ ද රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් වෙත එළඹීම සඳහා න්‍යෂ්ටික ගැටලුව සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර තාක්ෂණික සාකච්ඡා සිදු වෙමින් පවතින බව ඇමරිකාව පවසයි. ඇමරිකා නිලධාරීයෙක් මේ බව ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තාවක සඳහන් විය.
එහිදී එම නිලධාරීයා කියාසිටියේ ඉරානයට න්‍යෂ්ටික ආයුධ සන්තකයේ තබා ගැනීමට ඉඩ නොදිය යුතු බවය. පසුගියදා 08 වනදා තුර්කියේ අන්කාරා නුවර පැවති නේටෝ සමුළුවේදී ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකා-ඉරාන අවබෝධතා ගිවිසුම අවසන් වී ඇති බවත් තමන් ඉරානය සමග කටයුතු කිරීමට අකමැති බවත් සඳහන් කළේය. එමෙන්ම එදින රාත්‍රියේ ඉරානයට යළි පහර දීමට ඉඩ ඇති බව ද ඔහු පැවසීය.
එමෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ වෙළඳ නෞකාවලට මෑතකදී එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස පසුගිය 7 හා 8 යන දෙදින තුළ ඇමරිකා හමුදාව ඉරානයට පහර දුන් අතර ඉරානය ද බහරේන්, කුවේට්, කටාර් සහ ජෝර්දානය වැනි රටවල ඇමරිකා කඳවුරු වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇත.
Share
Read more



