2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව සහ ගෝලීය කෘත්‍රිම බුද්ධි පාලනය පිළිබඳ උසස් පෙළේ රැස්වීම පැවැත්විණ.
විවිධ රජයන්හි ආයතනවල නියෝජිතවරු බොහෝ පිරිසක් ගෝලීය කෘත්‍රිම බුද්ධි පාලනයේ අභියෝගවලට මුහුණ දීම, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය පුළුල් ලෙස බෙදාගැනීම ප්‍රවර්ධනය කිරීම සහ කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේ ආරක්ෂක අවදානම් වැළැක්වීම පිළිබඳව සාකච්ඡා පැවැත්වූහ. කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ඵලදායී ලෙස වර්ධනය කර ගැනීම සඳහා බහුපාර්ශ්වවාදය තහවුරු කළ යුතු බවත් මෙම රැස්වීමේදී ඔවුහු ප්‍රකාශ කළහ. අති නවීන කෘත්‍රිම බුද්ධි ආකෘති අනිසි ලෙස භාවිත කිරීමෙන් ඇති වන ආරක්ෂක අවදානම් පිළිබඳව ප්‍රවේශම් විය යුතු බව ඔවුන් පවසා ඇත.




