නීති විරෝධී අයුරින් චීනයේ Nansha දූපත් සමූහයේ Ren’ai ගල්පරය අසල මුහුදු ප්‍රදේශය වෙත ඇතුළුව සිටි පිලිපීනයේ අංක 57 දරන නෞකාවට අයත් කුඩා යාත්‍රා දෙකක් අද (20) පෙරවරුවේ ඒ අසල මුහුදු ප්‍රදේශයේදී චීන යාත්‍රාවක ගැටී තිබේ.
එහිදී චීනය පැහැදිලිව නිකුත් කළ අනතුරු ඇඟවීම් ද නොසලකමින් අදාළ යාත්‍රා චීන යාත්‍රාවේ ගැටී චීන පාර්ශ්වයේ නීතිය ක්‍රියාත්මක නිලධාරීන්ට ප්‍රහාර එල්ල කර ඇත.
එහිදී චීන වෙරළාරක්ෂක යාත්‍රා නීතියට අනුකූලව ප්‍රතිචාර දක්වමින් එහි තත්ත්වය පාලනය කළේය. කෙසේවෙතත් එම සිද්ධියෙන් අනතුරුව පිලිපීනය සත්‍ය සිදුවීම නොසලකමින් චීනය වෙත අසත්‍ය චෝදනා එල්ල කර ඇත.
පිලිපීන නෞකා චීන මුහුදු ප්‍රදේශයට නීති විරෝධීව ඇතුළුවීම සම්බන්ධයෙන් චීන වෙරළාරක්ෂක බලකායෙන් ප්‍රකාශයක්
Share
Read more



