හෝමාගම ගින්න ගැන හොයන්න කමිටුවක් – හෙල්මට් ගින්නට හේතුව විදුලි කාන්දුවක්ද? (VIDEO)

Share

හෝමාගම කටුවාන ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැක කරන බව පොලිසිය පවසනවා. මෙමගින් පස්දෙනකුට දිවි අහිමි වුණා. මියගිය පුද්ගලයන්ගේ දේහයන් පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කරමින් පවතිනවා. මේ අතර ගින්න පිළිබඳව සොයා බැලීමට කමිටුවක් ද පත් කර තිබෙනවා. කමිටුවේ වාර්තාව ලැබුණු පසු ඊට අදාළව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට සූදානම් බවයි අප කළ විමසීමකදී කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News