සාර්ථක ව චන්ද්‍රිකා නවයක් කක්ෂගත කළ චීනයේ Gravity-1 මෙහෙයුම

Share

Shanghai වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශයේ සිට Gravity-1 වාහක රොකට්ටුව සාර්ථක ව අභ්‍යවකාශයට නිකුත් කිරීමට චීනය සමත් ව ඇත.
Taiyuan චන්ද්‍රිකා මධ්‍යස්ථානය විසින් ඊයේ (22) මෙම වාණිජ රොකට්ටුව නිකුත් කළ අතර, එමඟින් චන්ද්‍රිකා 9ක් නියමිත කක්ෂවල සාර්ථක ව ස්ථානගත කෙරිණ.
මෙය Gravity-1 රොකට්ටුවේ පළමු විවෘත සාගර මෙහෙයුම වන අතර, Yangtze ගඟට  ආසන්න නැගෙනහිර චීන මුහුදු ප්‍රදේශයේ සිදුකළ චීනයේ පළමු වාණිජ සාගර අභ්‍යවකාශ මෙහෙයුම ලෙස ද ඉතිහාසගත විය.
ස්ථාවර සාගර කලාපවලට සීමා නොවන, චන්ද්‍රිකා නිකුත්  කිරීමේ ජංගම ක්‍රමවේදය හේතුවෙන්, අවශ්‍ය ස්ථානය තෝරා ගැනීම වඩාත් නම්‍යශීලී වන අතර, චන්ද්‍රිකා අභ්‍යවකාශගත කිරීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට එය හේතු වී තිබේ. එමෙන් ම චීනයේ අභ්‍යවකාශ මෙහෙයුම් හැකියාවන් තවදුරටත් විවිධාංගීකරණය කිරීමට එය උපකාරී වන බව නිලධාරීහු පැවසූහ.
මෙම මෙහෙයුම මඟින්, Gravity-1 රොකට්ටුවේ ප්‍රධාන කොටසට පිටතින් සවි කරන සැකැස්ම, සංකීර්ණ මුහුදු තත්ත්වයන්ට අනුගත වීමේ හැකියාව සහ දිගු කාලයක් සූදානම් තත්ත්වයේ පවතින හැකියාව තවදුරටත් සනාථ කළ බව ද ව්‍යාපෘති නිලධාරීහු සඳහන් කළහ.

Read more

Local News