ගිම්හාන සෘතුවේ අධික උණුසුමෙන් මිදී සිසිලස විඳගැනීමට විදෙස් සංචාරකයින් රැසක් චීනයට

Share

මේ ගිම්හාන සෘතුවේ අධික උෂ්ණත්වය හේතුවෙන් සිසිලස විඳිය හැකි ගමනාන්ත සොයා යන ගෝලීය සංචාරකයින් විශාල පිරිසක් මේ දිනවල චීනයට පැමිණෙමින් සිටී.
අන්තර්ජාල සංචාරක වේදිකාවන්හි දත්තයන්ට අනුව, මෙම වසරේ ගිම්හාන නිවාඩු සමය තුළ සංචාරකයින් වැඩි පිරිසක් පැමිණි ප්‍රධාන රටවල් 20න් 30% ක්ම යුරෝපා රටවල්ය.
එමෙන්ම පසුගිය වසරට සාපේක්ෂව යුරෝපා සංචාරකයින් චීනයේ සංචාරය සඳහා සිදු කළ වෙන් කරවා ගැනීම් සංඛ්‍යාව ද 275%කින් ඉහළ ගොස් තිබේ. එමෙන්ම සංචාරක ස්ථාන නැරඹීම සඳහා වන ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගැනීම ද පෙර වර්ෂයන්ට සාපේක්ෂව 20 ගුණයකින් ඉහළ ගොස් ඇත.  

Read more

Local News