න්‍යෂ්ටික අවි සම්පූර්ණයෙන් තහනම් කිරීම සඳහා සැම විටම පෙනී සිටින බව චීනය කියයි

Share

න්‍යෂ්ටික අවි සම්පූර්ණයෙන් තහනම් කිරීම සහ විනාශ කිරීම සඳහා චීනය සැම විටම පෙනී සිටින බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.
චීනයේ න්‍යෂ්ටික ප්‍රතිපත්තිය ඉහළ මට්ටමේ ස්ථාවරත්වයක්, අඛණ්ඩතාවයක් සහ පුරෝකථන හැකියාවක් පවත්වා ගෙන යන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය පැවසුවාය.
ඇය මේ බව සඳහන් කළේ ඊයේ(30) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී න්‍යෂ්ටික අත්හදා බැලීම් අත්හිටුවීමට අදාළ චීන නිවේදනයේ 30වන සංවත්සරය පිළිබඳව විමසුමකට පිළිතුරු දෙමිනි.
න්‍යෂ්ටික අවි පළමුව භාවිත නොකිරීමේ ප්‍රතිපත්තියක් චීනය අනුගමනය කරන බව ඇය පෙන්වා දුන්නාය. න්‍යෂ්ටික අවි නොමැති රාජ්‍යයන්ට හෝ කලාපවලට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිත කිරීම හෝ ඒ සඳහා තර්ජනය කිරීම අනිවාර්යයෙන්ම සිදු නොකිරීම චීනයේ කොන්දේසි විරහිත පොරොන්දුවක් බව ඇය අවධාරණය කර ඇත.

Read more

Local News