2026 ජාත්‍යන්තර ත්‍රස්ත විරෝධී සම්මන්ත්‍රණය ඊයේ(4) චීනයේ ෂින්ජියැං උයිගුර් ස්වායත්තයේ දී පැවැත්විණ. “ත්රස්තවාදයේ නව අභියෝගවලට මුහුණ දීම: ජාතික වගකීම ශක්තිමත් කිරීම සහ ජාත්‍යන්තර සහයෝගීතාව ගොඩනැගීම” එහි තේමාවයි.
චීන විදේශ අමාත්‍යාංශය ඇතුළු අදාළ දෙපාර්තමේන්තුවල නියෝජිතයින් මෙන්ම, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, රුසියාව සහ අප්‍රිකානු සංගමය ඇතුළු රටවල් සහ කලාපීය ජාත්‍යන්තර සංවිධාන 24කින් පැමිණි 100කට අධික අමුත්තන් පිරිසක් ඊට එක් වූහ.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ගෝලීය සංවර්ධන මුලපිරීම, ගෝලීය ආරක්ෂක මුලපිරීම, ගෝලීය ශිෂ්ටාචාර මුලපිරීම සහ ගෝලීය පාලන මුලපිරීම, ත්රස්තවාදයට එරෙහි මූලික විසඳුම් ගවේෂණය කිරීම සඳහා වැදගත් මග පෙන්වීමක් සපයන බව චීන නියෝජිතයෝ එහිදී පෙන්වා දුන්හ.
සමුළුව අතරතුර, සහභාගී වූවෝ ත්රස්තවාදයට සහ අන්තවාදයට එරෙහි ෂින්ජියැංහි සටන පිළිබඳ ප්‍රදර්ශනයක් නැරඹීමට ද එක්වූහ. චීනයේ ෂින්ජියැං උයිගුර් ස්වායත්තය ත්රස්තවාදයට එරෙහි සහ අන්තවාදය තුරන් කිරීමේ ප්‍රයත්නයන්හිදී කැපී පෙනෙන ප්‍රතිඵල අත්කර ගෙන ඇති බවත්, එම පුළුල් ප්‍රවේශය ජාත්‍යන්තර ප්‍රජාවට ආදර්ශයක් ලෙස යොදා ගත හැකි බවත් විදේශීය අමුත්තන් ප්‍රකාශ කර ඇත.
Share
Read more



