18 වෙනි ශතවර්ෂයට අයත් චීන මල් බඳුනක් පවුම් ලක්ෂ 142 ට වෙන්දේසි ‌වෙයි

Share

දශක ගණනාවක් ප්‍රංශයේ සපත්තු පෙට්ටියක බහා තිබූ 18 වෙනි ශතවර්ෂයට අයත් චීන මල් බඳුනක් පවුම් ලක්ෂ 142 වෙන්දේසි වී තිබේ.

ඊය‌ේ (12) පැරීසියේ පිහිටි සොතෙබිස් සමාගම් ශාඛාවේදී මල් බඳුන අලෙවි වී ඇත්තේ ඇස්තමේන්තු කරන ලද මුදලට වඩා විසි ගුණයක වටිනාකමකටය.

යුරෝ 500,000 – 700,000 අතර මුදලකට මල් බඳුන ඇස්තමේන්තු කර තිබිණි.

ප්‍රංශයේදී සොතෙබිස් වෙන්දේසිකරුවන් විසින් එක් භාණ්ඩයක් අලෙවි කරන ලද වැඩිම මිල මෙයයි.

සෙන්ටිමීටර් තිහක ප්‍රමාණයේ බල්බයක හැඩැති මල් බඳුන කොළ, නිල්, කහ සහ දම් වර්ණවලින් හැඩ ගන්වා තිබේ.

ඉතාමත් හොඳින් සංරක්ෂණය වී ඇති පෝසිලෙන් මල් බඳුන ‘චිං’ රාජවංශයේ අධිරාජයෙකු වෙනුවෙන් නිර්මාණය කරනු ලැබුවකි.

වනයේ සිටින කුරුල්ලන්, මුවන් සහ වෙනත් සතුන් එහි පින්තාරු කර ඇති අතර, බඳුනේ ගෙල වටා රන් පැහැති රටාවක් ඇත.

1736 සිට 1795 දක්වා චීනය පාලනය කළ චිංලොන් අධිරාජයාගේ සලකුණ බඳුනේ දැකිය හැකිය.

Read more

Local News